සී.එච්, මහනුවර සහ සී.ආර්. ජය ගනියි

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතිය යටතේ පැවැති තරගයකින් නාවික හමුදා කන්ඩායම හමුවේ ලකුණු 27-24 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එප්.සී. කණ්ඩායම සමත් විය.
අපරාජිත මහනුවර
ලකුණු 6-3 ක් ලෙස පළමු භාගයේ ලබාගත් ඉදිරිය අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකිවූ මහනුවර හැව්ලොක්ස් කණ්ඩායම මහුනුවර සමග පැවැති තරගයෙන් ලකුණු 20-9 කින් පරාජයට පත්විය.
පොලිසියට දරුණු පරාජයක්
මෙවර තරගාවලියේදී කැපී පෙණෙන දස්කම් දැක්වීමට අපොහොසත් වූ පොලිසිය පළමු වටයේ තමන් සහභාගී වූ අවසන් තරගයේදී සී.ආර්. ඇන්ඩ් එප්.සී. හමුවේ ලකුණු 53-13 කින් පරාජයට පත්විය.