හැව්ලොක්ස්ගෙන් සී.එච්.ට ප්‍රහාරයක්

අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරගාවලියේ කොළඹ තුරඟ තරග පිටියේ පැවැති තරගයකදී සී.එච්. පිල ලකුණු 31-26 කින් පරාජය කර දැමීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් විය. මුල සිටම වේගවත් ක්‍රීඩාවක නියැළුනු හැව්ලෝක්ස් ක්‍රීඩකයෝ පළමු අර්ධ අවසන් වන විටම ලකුණු 18-07 ක ඉදිරියක් ගැනීමට සමත් වූහ.
ගොල් දිනුම 2 ක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහර හතරක් සමග හැව්ලොක්ස් පිල ලකුණු වාර්තා කරද්දී සී.එච්. කණ්ඩායම ගෝල දිනුම් 3 ක් සහ උත්සහක දිනුමක් සමග ලකුණු ලබා ගත්තේය. මෙම තරගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රීඩා කළ අතර ඔහු ක්‍රීඩා කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.