විස්සේ ලෝක වාර්තාවක් බට් සහ අක්මාල් අලුත් කරයි

පාකිස්තාන් ජාතික කණ්ඩායම නියෝජනය කරන සල්මන් බට් සහ කම්රන් අක්මාල් විසින් විස්සයි විස්ස ජාත්‍යන්තර හෝ පළමු පෙළ ක්‍රිකට් තරගයකදී පළමු කඩුල්ලට පිහිටවූ ඉහළම සබඳතාව (209) සටහන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
පාකිස්තානු දේශීය පළමු පෙළ විස්සයි විස්ස තරගාවලියේදී ලාහෝර් වයිට් කණ්ඩායම නියෝජනය කරමින් බට් සහ අක්මාල් විසින් මෙම වාර්තාව පිහිටුවා තිබේ. අක්මාල් සහ බට් විසින් බිඳ දමනු ලැබුවේ ඉකුත් අගෝස්තු මාසයේදී කෙනට් ප්‍රාන්තය වෙනුවෙන් ජෝ ඩෙන්ලි සහ ඩැනියල් ඛෙල් විසින් පළමු කඩුල්ලට පිහිටවූ ලකුණු 207 ක වාර්තාවයි.
අදාළ තරගයේදී කම්රන් අක්මාල් පන්දු 71 කදී ලකුණු 150 ක්ද ලැබූ අතර ඊට හතරේ පහර 14 ක් සහ හයේ පහර 12 ක් ඇතුළත් විය. සල්මන් බට් පන්දු 49 කදී ලකුණු 55 ක් ලබා ගත්තේය.