පාකිස්තානයට 183 ක අභියෝගයක්

පාකිස්තානයේ ලාහෝර් හී ගඩාෆි ක්‍රීඩාගංනයේ පැවැත්වෙන දෙවන 20-20 තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 182 ක් ලබා ගැනීමට සමත් වුනා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල භානුක රාජපක්ෂ පන්දු 48කදී වේගවත් ලකුණු 77ක් ලබාගත්තා.
මෙය භානුකගේ පළමු 20-20 අර්ධ ශතකයයි.
දසුන් ශානක වේගවත් ලකුණු 27 ක් ලබාගත්තා.
පන්දු ‍යැවීමේදි ඉමාඩ් වසීම් ලකුණු 27කට එක් කඩුල්ලක් දවාගත්තා.