ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය හෙට ඇරැඹේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ඇරැඹේ. බොක්සිං දින ටෙස්ට් තරගයක් වශයෙන් පැවැත්වෙන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට සෙන්චූරියන් හිදී ආරම්භ වීමට නියමිතය.
ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ ජයග්‍රහණය දෙපිලට වැදගත් සාධකයක් වෙද්දී ශ්‍රී ලංකාව අදාළ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැනත් දකුණු අප්‍රිකාව හත්වැනි තැනත් පසුවේ. මෙම තරගාවලියේ තරග දෙකම ශ්‍රී ලංකාව ජයගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට යෑමේ අවස්ථාව පවතී.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, චමීර දුෂ්මන්. ළහිරු කුමාර, සුරංග ලක්මාල්, මිනෝද් භානුක, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු
දකුණු අප්‍රිකානු සංචිතය
ක්යින්ටන් ඩී කොක් (නායක), ටෙම්බා බවුමා, ෆෆ් ඩූ ප්ලෙසිස්, ඩීන් එල්ගර්, සරෙල් අර්වි, බියුරන් හැන්ඩි්‍රක්ස්, කෙශෙව් මහරාජ්, අයිඩින් මාර්ක්‍රම්, වියන් මුල්ඩර්, නුන්ගි නිගිඩි, ඇන්රිච් නෝට්ජේ, කීගන් පීටර්සන්, ඩවයින් ප්‍රිටෝරිස්, මීගල් ප්‍රිටෝරිස්, ලුතෝ සිම්පල්මා, ග්ලෙන්ටන් ස්ටූරම්, රාසි දුසීන්, රයනර්ඞ් ටොන්ඩර්, කයිල් වීරියන්.