ශ‍්‍රී ලංකා පිතිකරුවෝ ඇඹරෙති

New Zealand's Trent Boult, left, celebrates the dismissal of Sri Lanka's Angelo Mathews during the day two of the second test cricket match between Sri Lanka and New Zealand in Colombo, Sri Lanka, Friday, Aug. 23, 2019. (AP Photo/Eranga Jayawardena)

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ශ‍්‍රී ලංකා පිතිකරුවන් ඇඹරෙද්දී දිමුත් කරුණාරත්න පමණක් අර්ධ ශතකයක් (65* වාර්තා කිරීමට සමත් විය. ඒ අනූව ශ‍්‍රී ලංකා පිල තරගයේ දෙවැනි දිනය නිමා වන විට කඩුලූ 6 කට ලකුණු 144 ක් ලබා දැඞී අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.
ධනංජයද සිල්වාගේ පහසු උඩපන්දුව ටෙ‍්‍රන්ට් බෝල්ට් විසින් අත්නොහරින්නට ශ‍්‍රී ලංකා පිලේ පළමු ඉනිම ඊයේ දිනයේදීම විනාශ වීමට ඉඩ තිබුණි.
ටෙස්ට් තරගයක ජයග‍්‍රහණය සඳහා පළමු ඉනිමේදී ලකුණු 300 සීමාවට පැමිණීම ඉතාමත් වැදගත් සාධකයක් වෙද්දී හත්වැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ ඩිල්රුවන් පෙරේරාගේ කර මත වැඩි බරක් පැටවී තිබුණි. ඩිල්රුවන් පෙරේරා ආබධයකින් පසුව පැමිණියද ඔහු ඊයේ පන්දු 31 ක් තුළදී ලකුණු පහක් ලබා කඩුල්ල ආරක්ෂා කර ගත්තේය.
පිතිකරුවකු වශයෙන් තමා ශක්තිමත් බව පෙන්වීමට ධනංජය ද සිල්වාට මෙම ඉනිමේදී උත්සහක නිරත වෙමින් සිටින අතර ඔහු පන්දු 62 කදී හතරේ පහර හතරක් සමග ලකුණු 32 ක් ලබා සිටියි. එක්දින තරගවලදී පන්දු යවන්නකු වශයෙන් කණ්ඩායමේ ස්ථානය දිනා ගත් ධනංජය ද සිල්වා ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානය දිනා ගත්තේ පිතිකරුවකු වශයෙනි. ඔහු ටෙස්ට් තරග 26 කදී ශතක හතරක් සහ අර්ධ ශතක පහක් සමග මුළු ලකුණු 1514 ක් ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 32.21 කි. ඊයේ ධනංජයද සිල්වාට තිබු වාසනාව හේතුවෙන් බෝල්ට්ගේ පන්දුවකට ඔහුට ලබාදුන් උඩපන්දුව බිම වැටුණේය. එය ඉතාමත් පහසු උඩපන්දුවක් විය.
ධනංජය ද සිල්වා ඉනිම 12 කින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට අපොහොසත් වී ඇති අතර ඔහු අවසන් වරට අර්ධ ශතකයක් වාර්තා කළේ ඉකුත් නොවැම්බර් මස එංගලන්තයට එරෙහිව එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේදීය. ශ‍්‍රී ලංකා පළමු ඉනිම කඩා වැටී අවස්ථාවක ධනංජයගේ සේවය හරියට ඉටු කළහොත් සහ ඔහුට ඩිල්රුවන් සහ සුරංග ලක්මාල්ගේ සහය හරියාකාරව ලැබුණහොත් ශ‍්‍රී ලංකා පිලට ලකුණු 250 සීමාව පන්නා ගැනීමට අවකාශ ලැබෙනු ඇත.
ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලේ පදම්වීමට උත්සහ කළද ඔහු මුහුණ දුන් 28 වැනි පන්දුවට එලවා ගොස් ගැසූ හුක් පහරින් ශ‍්‍රී ලංකාවට තෙවැනි කඩුල්ල අහිිමි විය. කුසල් පෙරේරාට බෝල්ට්ගේ පන්දුව තේරුම් ගැනීමට නොහැකිව දෙගිඩියාවෙන් යුතුව නිදැල්ලේ හැරීමට ගොස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ඊයේ තරගයේදී ටෙ‍්‍රන්ට් බෝල්ට් ටෙස්ට් කඩුලූ 250 සීමාව පන්නා යෑමට සමත් වු අතර එවැනි දස්කම් කළ නවසීලන්තයේ තෙවැනි පන්දු යවන්නා වශයෙන්ද ඔහු ඉතිහාගත විය. මීට පෙර නවසීලන්තය වෙනුවෙන් එවැනි හපන්කමක් කළ ඇත්තේ ශ‍්‍රීමත් රිචඞ් හැඞ්ලි සහ ඩැනියෙල් විටෝරි පමණි.
පළමු තරගයේ වීරයා වූ දිමුත් කරුණාරත්න ඉතාමත් සංයමයකින් යුතුව ශ‍්‍රී ලංකා පිල ඉදිරියට ඇදගෙන ඒමට උත්සහ ගත්තද සමර්විල්ගේ පන්දුවක් හමුවේ ඔහුගේ ඉනිම නිමා වීමත් සමග ශ‍්‍රී ලංකාවට පස්වැනි කඩුල්ල අහිමි විය.

ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකාව
දිමුත් කරුණාරත්න ඇ.වොට්ලින්ග් ප.සවුති 65
ළහිරු තිරිමාන්න ඇ.විලියම්සන් ප.සමර්විල් 02
කුසල් මෙන්ඩිස් ඇ.වොට්ලින්ග් ප.ග‍්‍රැන්ඞ්හෝම් 32
ඇන්ජලෝ මැතිව්ස් ඇ.වොට්ලින්ග් ප.බෝල්ට් 02
කුසල් පෙරේරා ක.මු.කළා ප.බෝල්ට් 00
ධනංජය ද සිල්වා නොදැවී 32
නිරෝෂන් දික්වැල්ල ඇ.වොට්ලින්ග් ප.සවුති 00
ඩිල්රුවන් පෙරේරා නොදැවී 05
අතිරේක 06
එකතුව පන්දුවාර 66 කදී කඩුලූ 6ට ලකුණු 144
කඩුලූ වැටිම – 1-29, 2-79, 3-93, 4-93, 5-130, 6-130
පන්දු යැවීම
බෝල්ට් – 14 5 33 2 සවුති – 20 5 40 2
ග‍්‍රෑන්ඞ්හෝම් – 17 3 35 1 සමර්විල් – 6 3 20 1
පටෙල් – 9 3 3 1