ශ‍්‍රී ලංකාවේ නැගී එන පිහිණුම් ශූර ශූරියෝ වාර්තා අලූත් කරති

45 වැනි ජාතික පිහිණුම් ශූරතාවලිය කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී (22 දා* ආරම්භ වු අතර එහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් සිය දක්ෂතා වර්ධනය කර ඇති බව පෙන්වමින් නව වාර්තා රාශියක් බිහි කිරීමට සමත්ව තිබේ.
ලබන සැප්තැම්බර් මස ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු වයස් කාණ්ඩ පිහිණුම් ශූරතාවය සඳහා තේරීම් තරගයක් වශයෙන්ද මෙවර තරගාවලිය සැලකේ. එහිදී කනිෂ්ඨ අංශයේ වයස අවුරුදු 11 න පහළ පසුපස ආර ඉසව්ව තත්පර 44.35 කින් ජය ගත් ආර්.රජීවක පෙර වාර්තාව වූ 45.07 කඩා දමමින් නව වාර්තාවක් බිහි කිරීමට සමත් විය.
මීට අමතරව අවුරුදු 11 න් පහළ පිරිමි ළය ආර ඉසව්ව තත්ත්පර 42.50 ක කාලයකින් තරගය නිමා කළ ක්යිප්ඞ් ෆාරෝර් නව වාර්තාවක් පිහිටුවී අතර එම පැරණි වාර්තාව තත්.39.68 ක් වශයෙන් සටහන් විය. වයස අවුරුදු 15 න් පහළ පසුපස ආර නව තරග වාර්තාවක් බිහි ිරීමට දසිඳු පෙරේරා සමත් වූ අතර ඔහුගේ තරග නිමි කාලය තත්ත්.33.38 කි.
ජ්‍යෙෂඨ අංශයෙන්ද නව තරග වාර්තා රැුසක් බිහිවූ අතර එහිදී සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ සනාලි නුහන්සා මීටර් 800 නිදහස් ආර තත් 10:25.71 නව වාර්තාවක් පිහිටවූ අතර ජාතික වාර්තාවට හිමිකම් කියන අකලංක පීරිස් වයස අවුරුදු 20 න් පහළ මීටර 50 පසුපස ආර ඉසව්ව තත්ත්පර 30.97 කින් අවසන් කරමින් නව වාර්තාවක් සටහන් කළේය.