පොදුරජ මඩුලු ගමනට ක්‍රීඩකයන් තෝරන්න තැනක් නැති වෙයි

ලබන අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන් තෝරා ගැනීමට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ ධාවන පථයක් නොලැබීමෙන් අදාළ තේරීම් ඉන්දියාවේදී හෝ වෙනත් රටකදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය මේ වන විට නවීකරණය වෙමින් පැවතීම සහ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙනත් ක්‍රීඩා කටයුතු සඳහා වෙන්කර තිබීම හේතුවෙන් අදාළ ගැටලුව පැන නැගී තිබේ. ඒ අනූව පළමු වතාවට ජාත්‍යන්තර තරගයකට ශ්‍රී ලංකා දුවන පනින ක්‍රීඩකයන් විදේශයකදී තෝරා ගැනීමට සිදුවීමද නව වාර්තාවක් වේ.