මාලදිවයිනේ අභියෝගයකට වොලිබෝල් පිල ලෑස්ති වෙයි

මාලදිවයිනේ ආරාධනයකට අනූව ආරාධිත වොලිබෝල් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම අගෝස්තු මස 10 වැනිදා මාලදිවයින බලා පිටත්වීමට නියමිතව තිබේ.
අදාළ තරගාවලිය ලබන 12 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහිදී දෙරට අතර තරග තුනක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දීප්ති රොමේෂ් විසින් දරන අතර පුහුණුකරු වශයෙන් කියුබානු ජාතික මැනුවෙල් තොරේසේ මහතා කටයුතු කරනු ලබයි.
තරගාවලිය සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීම සඳහා පැමිණි අමාත්‍ය සහ වොලිබෝල් සම්මේලන සභාපති රංජිත් සියඹලාපිටිය මහතා ඔවුන් සමග සමුහ ඡුායාරූපයකට පෙනී සිටියේය.