ක්‍රිකට් ක්‍රීඩිකාවන් 10 කට කොන්ත්‍රාත්තුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වයස අවුරුදු 21 න් පහළ කාන්තා සංවර්ධන සංචිතයක් නම් කර ඇති අතර ඒ සඳහා 20 දෙනකු තෝරාගෙන තිබේ.
අදාළ සංචිතය සඳහා පළමුව 120 දෙනකුගෙන් යුත් කඳවුරක් සකස් කිරීමෙන් පසුව අවසන් විසි දෙනා තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු යොදා ඇත. එක් එක් දිස්ත්‍රික්වල දක්ෂතා දැක්වු ක්‍රීඩිකාවන් අතරින් හොඳම 20 දෙනා අවසන් සංචිතයට කැඳවා තිබේ.
නම් කරන ලද සංචිතයෙන් තෝරා ගත් 10 දෙනෙක් කොන්ත්‍රාත් පදනමකට ඇතුළත් කරමින් ඔවුන්ට මාසික දීමනාවක් සමග පුහුණුව ලබාදීමද විශේෂත්වයකි.

කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර ඇති ක්‍රීඩිකාවන්
01 රන්දි ප්රේමරත්න – ශාන්ත ජෝශප් විද්යාලයල කෑගල්ල
02 සංසලා වනිගසේකර – නුගවෙල මධ්යම – මහනුවර
03 තරුෂි රාජකරුණා – මධ්යම නුගවෙල – මහනුවර
04 පී.ඩී.එස්එ.ච්. මහේෂිකා – කෑගල්ල ශාන්ත ජෝශප් විද්යාලය
05 නිමේෂා තරුණී – මාරපොල මහා විද්යාලය – කෑගල්ල
06 නවෝද්යා නෙත්මිණි – වාද්දුව මධ්ය මහා විද්යාලයල කළුතර
07 ඉමෝක්ෂ භාෂිනී – වාද්දුව මධ්ය මහා විද්යාලයල කළුතර
08 සවිඳි නිමල්ෂා කුරේ – වාද්දුව මධ්ය මහා විද්යාලයල කළුතර
09 මනෝහාරි නිසංසලා – වාද්දුව මධ්ය මහා විද්යාලයල කළුතර
10 සුලේෂා සත්සරණි – දේවපතිරාජ විද්යාලයල ගාල්ල