මාලි, දසුන්, කසුන් සහ හසංරග ඇතුලු මරතා ඇරබියනස් ටී 10 ශූරතාව දිනා ගනී

අබුඩාබි හි පැවැති පන්දුවාර 10 ශූරතාවලියේ තෙවන අදියරේ ශූරතාව දිනා ගැනීමට ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කළ මරතා ඇරබියන්ස් කණ්ඩායම සමත්විය.
එම ශූරතාවය සදහා පැවැති අවසන් තරගයේදී ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 10 දී කඩුලු 8 කට ලකුණු 87 කට සීමා වූ අතර එය මෙම තරග රටාවේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව බවට පත්විය.
එම ඉලක්කය හඹා ගිය මරතා ඇරබියන්ස් කණ්ඩායම පන්දු 16 ක් ඉතිරිව තිබියදී කඩුලු 8 කින් තරගය ජයග්‍රහණය කළේය.
එහිදී ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 12කදී හයේ පහර 2ක් සහ එක් හතරේ පහරක් සමගින් ලකුණු 23ක් ලබා දස්කම් දැක්වූ අතර පන්දු යැවීමේදී ජය ලැබූ මරතා ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත සහ ලසිත් මාලිංග එක් කඩුල්ල බැගින් ලබා දස්කම් දැක්වීය.