කොරියා-ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ තරගාවලියේදී විශේෂ සංදර්ශනයක්

කොරියානු සහ ශ්‍රී ලංකා තානාපති සබඳතා ආරම්භ වී වසර 40ක් පිරීම නිමිත්තෙන් දෙරට අතර තෙවැනි වරටත් පැවැත්වෙන කොරියානු තානාපති කුකිවොන් කුසලාන ටයිකොන්ඩෝ තරගාවලියක් නොවැම්බර් මස 25 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. අදාළ උත්සවයේදී සංදර්ශන පැවැත්වීම සඳහා කොරියන් කුකිවොන් ටයිකොන්ඩෝ මූලස්ථානයේ ප්‍රවීණ කණ්ඩායමක් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුන් විසින් විශේෂ සංදර්ශනයක් මෙදින පැවැත්වීමට නියමිතව තිබේ.