තිසරට පැන්ඩා කියූ සිද්ධියට මාලිංගටත් අවවාධ

මාලිංග සහ බිරිඳ කලකට පෙර තිසර සමග ඡයාරූපයක

ලසිත් මාලිංගගේ බිරිඳගේ නමින් සඳහන් ‘ෆේස්බුක්’ ගිණුමේ තුන් ඉරියව් ක‍්‍රිකට් කී‍්‍රඩක තිසර පෙරේරාට ‘අසරණ පැන්ඩා’ යනුවෙන් සඳහන් කර තිබූ සටහන දුර දිග යෑමෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්ද අදාළ ප‍්‍රශ්නයට මැදිහත්ව තිබේ.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් ක‍්‍රීඩා ඇමැතිවරයා හමුවට තිසර පෙරේරා ගොස් ඇතැයි එම සටහනේ ගැබ්ව තිබේ. තිසර පෙරේරාට කණ්ඩායමේ සාමාජිකයන් විසින් හඳුන්වන අන්වර්ත නාමය පැන්ඩා වන අතර මාලිංගගේ බිරිඳ පැන්ඩකුගේ ඡුායාරූපයක් හුවා දක්වමින් අසරණ පැන්ඩා යනුවෙන් සදහන් කර ඇත.
මීට ප‍්‍රතිචාර දැක්වීමට තිසර පෙරේරාගේ බිරිඳද ෆේස් බුක් හරහා ක‍්‍රියාත්මක වී තිබේ. අනතුරුව තිසර පෙරේරා විසින් ෆේස් බුක් පණිවුයක් සටහන් කරමින් තබා ඇත්තේ කිසිවෙකුට ස්ථානයක් ලබා ගැනීමට කිසිවෙකු ලගට යාමට අවශ්‍ය නැති බවයි. අදාළ සිද්ධියෙන් පසු බේ ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේදී තිසර පෙරේරා පන්දු 73 කදී හයේ පහර 13 ක් සහ හතරේ පහර අටක් සමග ශතකයක් (140* ලබා ගත්තේය.
තිසර පෙරේරා සහ ලසිත් මාලිංග අතර ඇති වී ඇතැයි සදහන් ආරවුල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනයටද ගොස් ඇති අතර එහිදී කළමණාකාරීත්වය විසින් අදාළ ක‍්‍රීඩකයන් දෙදෙනාට වැඩිදුර උපදෙස් ලබාදී තිබේ. කණ්ඩායමේ අර්බුදකාරී තත්ත්වයක් මෙයින් ඇති වන අතර එකමුතුකමද ගිලිහී ගොස් කණ්ඩායම දෙපැත්තකට බෙදීම මෙවැනි ක‍්‍රියාවලින් ඇතිවන බව ඔවුන්ට අවවාද කර තිබේ.