යලිත් තිසරගෙන් සුපිරි ඉනිමක් – video

මේ දිනවල පැවැත්වෙන බංගලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ඩකා හි මීර්පුර් ක්‍රීඩාංගණයේදී චිතගොන් වයිකිංග්ස් පිලට එරෙහිව පැවැති තරඟයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කල තිසර පෙරේරා පන්දු 26 කදී  වේගවත් ලකුණු 74ක් රැස් කර ගැනීමට සමත්ව තිබෙනවා.

තිසර පෙරේරා නියෝජනය කල කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස් කර ගනු ලැබුවා.
චිතගොන් වයිකිංග්ස් කණ්ඩායම ජයග්‍රාහී 185ක ලකුණු ප්‍රමාණය 19 පන්දුවාරයේදී කඩුලු 06ක් පමනක් දැවී පසුකර යෑමට සමත් වූ අතර මුෂිෆිකර් රයිහීම් ප්‍රභල සටනක් දෙමින් පන්දු 41ක් තුලදී ලකුනු 75ක් ලබා ගැනීමද විශේෂත්වයක්.

මෙම තරඟයේදී තිසර පෙරේරා සිය වේගවත් ඉනිම රැස්කර ගනු ලැබුවේ හයේ පහර 8ක් සහ හතරේ පහර 3ක් ද සමඟින්.

 තිසර පෙරේරාගේ සුපිරි ඉනිම පහතින්.

සටහන : නුවන් ජයතිස්ස