හැඳුනුම්පත් නැති පුහුණුකරුවන්ට වැඩ වරදියි

ශ‍්‍රී ලංකාවේ සියලූම ක‍්‍රීඩා පුහුණුකරුවන්ට සිය වෘත්තීමය හැඳුනුම්පතක් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනූව ඉදිරියේදී අදාළ හැඳුනුම්පත් නොමැති පුහුණුකරුවන්ට කිසිදු ක‍්‍රීඩාවක් පුහුණුකිරීමට නොහැකි වන ලෙස නීති රීති සම්පාදනය කර තිබේ.
දැනටමත් අදාළ හැඳුනුම්පත මුද්‍රණ්‍ය කිරීමට අවශ්‍ය සියලූම කටයුතු කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් සිදුකරගෙන යනු ලබන අතර 2014 වසරේ සිට පුහුණුකරු වෘත්තීයක් වශයෙන් කරන සියලූම පුහුණුකරුවන් ලියාදිංචි කරමින් අදාළ හැඳුනුම්පත් ලබාදීමට නියමිතය.
ක‍්‍රීඩා පනත මගින් ලියාපදිංචියට අවශ්‍ය නීති රීති සම්පාදනය කරන අතර ක‍්‍රීඩා උන්නතිය වෙනුවෙන් පුහුණුකරුවන්ට වෘත්තීමය වටිනාකමක් ලබාදීම මෙහි එක් පියවරක් වශයෙන් හැඳින්විය හැකිය. 2021.01.01 දින සිට සෑම පුහුණුකරුවකුටම බලපත‍්‍රලාභී පුහුණුකරු හැඳුනුම්පත සහිතව අදාළ වෘත්තියේ නියැලිය යුතු වේ. එසේ හැඳුනුම්පත නොමැති පුහුණුකරුවන් පුහුණුවීම් කිරීමේ අවස්ථාව මග හැරී යන බවද ක‍්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.