යොවුන් ලෝක ශූරයන්ට මසකට බංග්ලාදේශ රුපියල් ලක්ෂයක දිරි දීමනාවක්

දකුණු අප‍්‍රිකාවේ පැවැති යොවුන් ක‍්‍රිකට් ලෝක ශූරතාව දිනා ගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩයන්ට බංග්ලාදේශ රුපියල් ලක්ෂය බැගින් ලබාදීමට එරට ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පිළිගැනීමේදී එරට ක‍්‍රිකට් සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.
‘‘අපිට අවශ්‍යයි ඒගොල්ලන්ට විශේෂ පුහුණුවක් සෑම මසකම ලබාදීමට. ඒ නිසා සංචිතයේ සියලූම ක‍්‍රීඩකයන්ට මසකට රුපියල් ලක්ෂය බැගින් ලබා දෙනවා. ඒක ඉදිරි වසර දෙක සඳහා ලබා දෙනවා. අවුරුදු දෙකක් යනකොට මෙතන ඉන්න ළමයින් තවදුරටත් ශක්තිමත්ව ජාතික කණ්ඩායම කරා ගමන් කළ යුතුයි.’’ යනුවෙන් බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපත නස්මුල් හසන් මහතා පවසයි.