ලොකු වැඩ ඇති ලයිෂන් නැති මෝටර් රථ ශුරයාගේ කතාව

මීට මාස කිහිපයකට පෙර උඩවලව සෙවනගල යුද හමුදා ධාවන පථයේ පැවැති වලව සුපර් ක්රොබස් තරගාවලියේ අවුරුදු 13න් පහළ යතුරුපැදි තරගයට එක්වීමට ගිය ලාබාල යතුරුපැදි ශූර කේසර ගොඩගේ අවසානයේදී නතර වුයේ තරගාවලියේ ලාබාලතම මෝටර් රථ ධාවකයාට හිමි කුසලානයට හිමිකම් කියමිනි.
එය සිදුවූයේ අහම්බයෙනිග සැබැවින්ම එදා මෝටර් රථ තරග අංශයට ඉදිරිපත්වීමට නියමිතව සිටියේ ඔහුගේ පියා වන මෝටර් රථ ධාවන ශූර ධම්මික ගොඩගේය. එහෙත් තරගයට පෙර එහි පුහුණුවීම්වලට ගිය මොහොතේ ධම්මික තම නිසාන් මාච් මෝටර් රථය පුතුට දුන්නේ ඔහුගේ කැමැත්තට ධාවන පථයේ වටයක් පැද යාමටය.
පළමු වටයේදීම මේ ලාබාල යතුරුපැදි ශූරයා මෝටර් රථ තරග බිමටත් උපන් හපනකු බැව් ඒ මොහොතේ එතැන සිටි සෙසු මෝටර් රථ ධාවන ශූරයන්ට අවබෝධ විය. ඔහු වට කිහිපයක් ධාවන පථයේ මෝටර් රථය පැද යද්දී අනිල් ජයකොඩි කේසරගේ පියා අසළට පැමිණියේය.
‘ධම්මික ඇයි පුතාව කාර් රේස් පද්දන්නෙ නැත්තේග පුතා හරි දක්ෂයිනේ.’
එහෙත් ඒ වනවිට මේ ලාබාල මෝටර් රථ තරගවලට සහභාගිවීමට අවශ්ය රියැදුරු බලපත් නොතිබිණි. මෙරට මෝටර් රථ ධාවන පථයේ අනාගත තරුවක් බවට පත්වීමේ පළමු පියවර තබමින් කේසර ගොඩගේට මෝටර් රථ තරගවලට එක්වීමට රියැදුරු බලපත ලැබුණේ අනිල් ජයකොඩිගේ මැදිහත්වීම මතය. මෝටර් රථ ධාවන ශූර කුෂාන් පීරිස්ගේ සහයෝගය නොඅඩුව ලැබිණි. කේසර ගොඩගේ සෙවනගල ධාවන පථයේ මෝටර් රථයට නගිද්දී ඔහු සමග රථයේ සහායක රියැදුරු අසුනට ගොඩවූ කුෂාන් ඔහු සමග වටයක් ගියේ මේ කෝඩුකාරයාගේ දස්කම් සියැසින් දැකබලා ගැනීමටය. තවත් වටයකින් පසුව කුෂාන් පීරිස් රථයෙන් බැස්සේ කේසර ගොඩගේ මෝටර් රථයෙන් දැක්වූ දස්කම් ඉහළින්ම අගය කරමිනි.

වලව සුපර් තරගාවලියේ නිසාන් මාච් මෝටර් රථ කාණ්ඩයේ තරගයට ඉදිරිපත්වීමට කේසරට ඒ සහතිකය හොඳටෝම ප්‍රමාණවත් විය. කාල ගණනය කිරීමේ දී තුන්වැනි ස්ථානය අත්කර ගනිමින් ඔහු මෙරට ප්‍රමුඛ පෙලේ මෝටර් රථ ධාවකයන් රැසකගේ නළල් තල රැලි ගැන්විය. ප්‍රධාන තරගයේ දී ප්‍රබල තරගකරුවන් අභිබවා ගිය මේ ලාබාලතම ක්‍රීඩකයා තරගය නිමා කළේ සිවුවැන්නා ලෙසටය. එදා තරගයෙන් පසුව ලාබාලතම මෝටර් රථ ධාවකයාට හිමි සම්මානය ලබාගැනීමට කේසර සමත්වූයේ එලෙසිනි. මීට වසර පහකට පෙර වලව සුපර් ක්‍රෝස් තරගබිමේ දීම 50CC යතුරුපැදියෙන් සිය මංගල ගමන ඇරැඹූ කේසර මෝටර් රථ තරග බිමට පිවිසීමත් උඩවලවේදීම සටහන් වීම විශේෂ සිදුවීමකි.
මෙවර උඩවලවේදී මෝටර් රථ තරගයට එක්වීම නිසා කේසරට සුපුරුදු අවුරුදු 13න් පහළ තරගයට සහභාගිවීමේ අවස්ථාව ඔහුගෙන් මඟ හැරි ගියේය. එසේ වූයේ ඔහුට සිය මෝටර් රථයෙන් බැස යතුරු පැදි තරගයට අවශ්ය ඇඳුම් කට්ටලය හැඳ සිය යතුරුපැදිය සමග ආරම්භක ස්ථානයට යාමට තරම් ප්රිමාණවත් කාලයක් ඔහුට නොතිබුණු බැවිනි.
ලබන වසරේදී යතුරු පැදි තරග බිමට වඩා මෝටර් රථ තරග අංශයෙන් ඉදිරියට යාමේ බලාපොරොත්තුවෙන් පසුවන කේසර ගොඩගේ තම ජයග්‍රහණ පසුපස නිරතුරුවම සෙවණැල්ලක් සේ ළඟින් හිඳින ආදරණීය පියාණන් ධම්මික ගොඩගේ සිහිපත් කරන්නේ ගෞරව පූර්වකවය.
ධාවන පථයේදී හපන්කම් පෙන්වූවත් තවමත් ළමා ලෝකයේ සැරිසරමින් සිටින කේසර නුගේගොඩ ලයිෂියම් ජාත්යනන්තර පාසලේ 7 වැනි ශ්‍රේණියේ සිසුවෙකි. පාසලේ මිතුරන්ගෙන් සහ ආචාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය ඔහුට අත්වැලක් වී තිබේ.