

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින දෙකේදී ශ්‍රී ලංකාවට ලකුණු දිය හැකි වුවත් තම කණ්ඩාමේ ලොකු චරිත තියෙන බව විරාට් කෝලි පවසයි. ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවතා දමන විට කඩුලු 7 ක් දැවී ලකුණු 75 ක් ලබා දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.
‘තණතීරුවේ තත්ත්වය දවස් පහේම වෙනස් වුණා. ශ්‍රී ලංකාව පළමු දින දෙකේදී හොඳින් ඉදිරියට පැමිණියා. නමුත් අපි ගාව ලොකු චරිත තියෙනවා. අපේ පිතිකරු බිඳ වැටුණත් අපි ඒ ගැන හිතුවේ නැහැ. මොකද අපි අපේ ශක්තීන් ගැන විශ්වාස තියා ගත්තා. අරමුණක් නැතිව මේ කඩුල්ලේ බේරීමට නම් අමාරු වුණා. නමුත් අවසානයේ අපි ආඩම්බරයි තරගය කෙළවර කරපු විදිහ.’ යැයි කෝලි පවසයි.
භුවනේෂ්වර් කුමාර් තම කණ්ඩායමට විශාල ශක්තියක් වන බවත් විදෙස් තරගවලදී ඔහුගේ පන්දු යැවීම ඉතාමත් වටිනා බවත් ඉන්දියානු නායකයා වැඩිදුරටත් පැවසීය.
ලකුණු පුවරුව
ඉන්දියාව පළමුව ඉනිම ලකුණු 172 යි.
ශ්‍රී ලංකාව පළමු ඉනිම ලකුණු 294 යි.
ඉන්දියාව දෙවැනි ඉනිම
ලොකේෂ් රාහුල් ප.ලක්මාල් 79
ෂිකර් ධවාන් ඇ.දික්වැල්ල ප.ශානක 94
චෙස්ටවර් පුජාරා ඇ.පෙරේරා ප.ලක්මාල් 22
විරාට් කෝලි නොදැවී 104
අජින්කෙයා රහනේ ක.මු.කළා ප.ලක්මාල් 00
රවීන්ද්‍ර ජදේජා ඇ.තිරිමාන්න ප.පෙරේරා 09
රවීචන්ද්‍රන් අශ්වින් ප.ශානක 07
රිදීමන් ශා ඇ.සමරවික්‍රම ප.ශානක 05
බුවනේෂ්වර් කුමාර් ඇ.පෙරේරා ප.ගමගේ 08
මොහොමඩ් සාමි නොදැවී 12
අතිරේක 12
එකතුව පන්දුවාර 88.4 කදී කඩුලූ 8ට ලකුණු 352
කඩුලූ වැටීම – 1-166, 2-192, 3-213, 4-213, 5-249, 6-269, 7-281, 8-321
පන්දු යැවීම
ලක්මාල් – 24.4 4 93 3 ගමගේ – 23 2 97 1
ශානක – 22 1 76 3 පෙරේරා – 13 2 49 1
හේරත් – 6 1 29 0
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
සධීර සමරවික්‍රම ප.කුමාර් 00
දිමුත් කරුණාරත්න සාමි 01
ළහිරු තිරිමාන්න ඇ.රහනේ ප.කුමාර් 07
ඇන්ජලෝ මැතිව්ස් ක.මු.කළා ප.යදව් 12
දිනේෂ් චන්දිමාල් ප.සාමි 20
නිරෝෂන් දික්වැල්ල ක.මු.කළා ප.කුමාර් 27
දසුන් ශානක නොදැවී 06
ඩිල්රුවන් පෙරේරා ප.කුමාර් 00
රංගන හේරත් නොදැවී 00
අතිරේක 02
එකතුව පන්දුවාර 26.3 කදී කඩුලූ 7ට ලකුණු 75
කඩුලූ වැටීම – 1-0, 2-02, 3-14, 4-22, 5-69, 6-69, 7-75
පන්දු යැවීම
කුමාර් – 11 8 8 4 සාමි – 9.3 4 34 2
යදව් – 5 0 25 1 ජදේජා – 1 0 7 0