කෝලි ඉල්ලන් කයි

ලොව අංක එකේ පිතිකරුවකු මෙන්ම ඉන්දියානු කණ්ඩායමේ නායක විරාට් කෝලි ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අසාද ලකුණු ලබා ගනිමින් තරග මුදලින්ද දඩයකට ලක්ව තිබේ. ඔහු මෙසේ දඩ නියම කර ගත්තේ දකුණු අප‍්‍රිකාව සමග පැවැති තරගයේ අනවශ්‍ය ලෙස පන්දු යැවු හෙන්ඩි‍්‍රක්ස්ගේ ඇගේ වැදීම හේතුවෙනි.
පරාජය වාවා ගත නොහැකි කුකුල් කේන්ති කාරයකු වන විරාට් කෝලි අදාළ නීති රීති උල්ලංඝනය කරමින් හැසීරීම වෙනුවෙන් ඔහුට විනිසුරුවන් මෙන්ම තරග තීරකවරයාද දැඩි අවවාද කර තිබේ.
තමා විසින් වරදක් කර බව තරගයෙන් අනතුරුව විරාට් කෝලි විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව තරග තීරක රිචී රිචඞ්සන් විසින් ඔහුට එරෙහිව නිදහසට කරුණු විමසීමක් සිදුකර නැත. අදාළ වරද හේතුවෙන් කෝලිට තරග මුදලින් 50% ක දඩ මුදලක්ද ගෙවීමට සිදුව තිබේ.
අදාළ තරගයෙන් ඉන්දියානු කණ්ඩායම පරාජයට පත්වු අතර එහිදී කෝපයෙන සිටි විරාට් කෝලි විසින් අයි.සී.සී. චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කරමින් හැසිරී තිබේ. මීට පෙරද කෝලි විසින් අදාළ චර්යා ධර්ම පද්ධතිය කඩ කිරීම හේතුවෙන් දඩුවම් ලබා තිබේ.