මෙසී හය වැනි වරටත් පාපන්දුවේ විශිෂ්ඨයා වෙයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පාපන්දු සම්මාන උළේලේ වසරේ විශිෂ්ඨතම පාපන්දු ක‍්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට බාසිලෝනා කණ්ඩායමේ ලයනල් මෙසී සමත් විය. ඔහු අදාළ සම්මානය දිනා ගත් හය වැනි අවස්ථාවද මෙය වේ.
ලයනල් මෙසී 2018-2019 අතර කාලයේදී සහභාගි වු පාපන්දු තරග 58 කදී ගෝල 54 ක් ලබා තිබේ. ඔහු එම ගෝල ලබා ඇත්තේ බාසිලෝනා සහ ආරජ්න්ටිනා කණ්ඩායම් වෙනුවෙන් තරග වදිමිනි. මීට පෙර 2009, 2010, 2011, 2012 සහ 2015 වසරවලදී මෙසී මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.
‘පළමුව මේ සම්මානය සඳහා මාව නිර්දේශ කිරීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. මේ සම්මානය යළිත් මගේ ජීවිතයට එකතු කර ගැනීම නිසා අද රාත‍්‍රියේදී මා ඉතාමත් සතුටට පත් වෙනවා.’’ යැයි මෙසී සම්මානය දිනා ගැනීමෙන් පසුව පැවසීය.
ඉතාලියේ මිලානා නුවර පැවැති අදාළ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම පාපන්දු ක‍්‍රීඩිකාව වශයෙන් ඇමරිකානු ජාතික මේගන් රැුපිනෝයි සම්මාන දිනා ගත්තාය. කාන්තා පාපන්දු ලෝක කුසලානයේදී රැුපිනෝයි විසින් ගෝල හයක් ලබා ගැනීම හේතුවෙන් එම සම්මානය හිමිව තිබේ.