කෝලිගේ උපන්දින සාදය…..

ඉන්දියානු ක‍්‍රිකට් නායක විරාට් කෝලි සිය 32 වැනි උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණි. එහිදී ඔහුගේ සහෝදර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙන්ම හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ඇතුළු රසිකයන්ගෙන් සුභ පැතුම් දහස් ගණනක් ලැබී තිබේ. එහිදී ඉන්දීය නායකයාට පළමු සුබ පැතුම එක්කර ඇත්තේ සුරේෂ් රයිනා විසිනි.
‘‘සුබ උපන්දිනයක් වේවා. සාර්ථකත්වයේ ඉදිරි ගමනකට සුබ පතනවා.’’ යනුවෙන් රයිනා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. කෝලිට ලැබුණු සුබ පැතුම්අතර හිටපු ඉන්දියානු පිතිකරු වී.වී.එස්. ලක්ෂ්මන්ගේ සුබ පැතුම මෙසේ සටහන් විය. ‘‘ඔබට බොහෝ ප‍්‍රීතිමත් ප‍්‍රතිලාබ දවසේ ලැබේවා. ඔබට තව තවත් ප‍්‍රීතිය, සාර්ථකත්වය සහ ආදරය ලැබුවේයා.’’ යනුවෙනි.
ඉන්දියානු නායකයාගේ 32 වැනි උපන්දිනය ඩුබායි හිදී ඊයේ සමරනු ලැබුවේ අයි.පී.එල්. තරගාවලිය අතරතුරදීය. ඒ සඳහා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සාමාජිකයන් මෙන්ම කෝලිගේ බිරිඳ වන අනුෂ්කා ෂර්මාද එක්ව සිටියේ.