ශ්‍රී ලංකාව සහ ලෙබනන් අතර තරගය මොකද වුනේ

2022 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සහ 2023 ආසියානු පාපන්දු ශූරතාවලිය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දෙවන වටය යටතේ ශ්‍රී ලංකාව සහ ලෙබනන් අතර තරගය ජය ගැනීමට ලෙබනන් කණ්ඩායම සමත් වුණි.

අධික වාර්ෂාව මැද  කොළඹ තුරග තරග පිටියේදී මෙම තරගය ආරම්භ කෙරුණි.

තරගයේ 14 වන මිනිත්තුවේදී ලෙබනන් කණ්ඩායමට දඩුවම් පහර අවස්ථාවක් හිමි වු අතර එය සාර්ථක කර ගැනීමට සමත් වුණේ තරගයේ ලකුණු පුවරු ක්‍රියාත්මක කරමින්ය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් සිදුවු තවත් වරදක් හේතුවෙන් ලෙබනන් ක්‍රීඩකයන්ට දඩුවම් පහර අවස්ථාවක් හිමි වු අතර ඔවුන් විසින් එයද සාර්ථක කර ගත්තේය.

ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වුණේ ගෝල 2ට 0ක් ලෙස ලෙබනන් කණ්ඩායම ඉදිරියෙන් තබමින්ය.

අනතුරුව ආරම්භ වු තරගයේ දෙවන අර්ධයේ 81 වන මිනිත්තුවේදී ලෙබනන් කණ්ඩායම තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණි.

ඒ අනුව තරගය අවසන් වුණේ ගෝල 3ට 0ක් ලෙස ලෙබනන් කණ්ඩායමට ජය හිමි කර දෙමින්ය.