සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග ඉතිහාසයේ හොකී රන්පදක්කම ශාන්ත පීතර විදුහලට

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මහනුවර  දිගන ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද 35 වැනි සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ .
තිස් පස් වසරක ඉතිහාසයකට හිමිකම් කියන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග ඉතිහාසයේ හොකී රන්පදක්කම ශාන්ත පීතර විදුහල සතු වූ  කුළුඳුල් අවස්ථා මෙය   වීම විශේෂත්වයකි .
එකී රිදීි පදක්කම මාතලේ සහිරා විදුහල සතු වූ අතර මාතලේ සාන්ත තෝමස් විදුහලට ලෝකඩ පදක්කම හිමි විය .

මෙවර තරගමාලාවේ බාලිකා අංශයේෙහි රන් පදක්කම දිනා ගැනීමට මහනුවර සීතාදේවි බාලිකා විදුහල සමත් වූ අතර මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලට රිදී පදක්කම හිමි විය එකී ලෝකඩ පදක්කම වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සතුවිය .
මෙම තරගාවලිය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නියෝජනය කළ මැදපෙළ කීඩක ආකාශ් දිසානායක සම්මාන ලැබූ අතර මහනුවර සීතාදේවි බාලිකා විදුහල නියෝජනය කළ මැදපෙළ ක්‍රීඩිකාවකවූ රෝෂිණී රාජපක්ෂ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය .
ශාන්ත පීතර විදුහල සහ සහිරා විදුහල අතර පැවැති තීරණාත්මක අවසන් තරගයේදී ගෝල  01 – 00  තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට බම්බලපිටිය ක්‍රීඩකයින්ට  හැකි විය .වසරේ හොකී  රන් පදක්කම තීරණය වුනු  එකම ගෝලය සිඟිත් සඳරුවන් කවීිශ්වර   ගේ පිත්තෙන්  සටහන්
 විය .
සීතාදේවි විදුහල  සහ ශ්‍රී සංඝමිත්තා  විදුහල අතර පැවැති බාලිකා අවසන් තරගය තියුණු මුහුණුවරක් උසුලමින් ගෝල 00 – 00 ක්  ලෙස පරාජයෙන් තොරව නිමාවට පත්විය .ඒ අනුව ජයග්‍රහි  පිල තෝරා ගැනීම සඳහා දඬුවම විඳීම උපයෝගී කරගැනීමට සංවිධායකයින්ට සිදුවිය.එහිදී ගෝල  05 – 02 ක ජයග්‍රහණයක් සටන් කර ගැනීමට මහනුවර ක්‍රීඩිකාවන්හට  හැකි විය .
ජයග්‍රහි කණ්ඩායම් උදෙසා තිළිණ ප්‍රදානය මධ්‍යම  පළාත්  සහකාර  අධ්‍යාපන  අධ්‍යක්ෂ ( ක්‍රීඩා) අතුල ජයවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.