35 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ටෙනිස් තරගාවලියේ මොකද වුනේ

35 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ටෙනිස් තරගාවලියේ අවුරුදු 20 න් පහල සහ අවුරුදු 17 න් පහළ  බාලිකා ද්විත්ව ශුරතා   දිනාගැනීමට කොළඹ විශාකා   විදුහල නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වූහ .
මෙවර බාලක අංශයේ අවුරුදු 17 න් පහළ ශූරතාව සහ  අවුරුදු 20න් පහළ සම ශූරතාව කොළඹ රාජකීය විදුහල දිනා ගැනීම කැපී පෙනුණි. අවුරුදු 20 න් පහළ බාලක අවසාන  තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූයෙන්  සම ශූරතාව ප්‍රදානය කිරීමට සංවිධායක මණ්ඩලයට සිදු විය .ඒ අනුව සම ශූරතාව  කොළඹ රාජකීය විදුහල ට  සහ බම්බලපිටිය  ශාන්ත පීතර විදුහලට හිමි විය .
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විදුහල නියෝජනය කල  කවිෂ රත්නායක සම්මාන ලැබූ අතර කොළඹ විශාකා විදුහල  නියෝජනය කළ සෙනුරි ඇලෙක්සැන්ඩර් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය .
අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවිධාන ශක්තිය ඇතිව මහනුවර the garden ක්‍රීඩා සමාජ  පිටියේ දී  මෙවර තරඟාවලිය පවත්වන ලදී .
අවුරුදු 17 න් පහළ බාලක අනුශූරතාව සහ අවුරුදු 20 න් පහළ බාලක තෙවැනි  ස්ථානය කොළඹ ආනන්ද විදුහල විදුහල දිනාගත් අතර අවුරුදු 17 න් බාලක  තෙවෙනි   ස්ථානය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සතු විය .
අවුරුදු 17 න් පහළ බාලිකා  අනුශූරතාව කොළඹ කාන්තා විදුහල දිනාගත් අතර කොළඹ  මෙතෝදිස්ත විදුහලට  අවුරුදු 20 න් පහළ අනුශූරතාව හිමිවිය .
අවුරුදු 17න් පහළ ලෝකඩ පදක්කම කොළඹ මියුසියස් විදුහලට හිමි වූ අතර අවුරුදු 20 න් පහල ලෝකඩ පදක්කම කොළඹ බිෂොප් විදුහල සතු විය.
ඒ අනුව මෙවර තරගාවලියේ සියලුම රන්. රිදී හා ලෝකඩ පදක්කම් කොළඹ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගැනීම කැපී පෙනුණි.
අවුරුදු 20න් පහළ සම ශූරයෝ ( කොළඹ රාජකීය විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල )
අවුරුදු 17න් පහළ ශූරයෝ ( කොළඹ රාජකීය විදුහල )
අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 20 න්පහල ශූරියෝ ( කොළඹ විශාඛා විදුහල )