ආනන්ද සහ නාලන්ද සුලෝහිත ගැටුම

කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්ද විදුහල අතර  වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන සුලෝහිත හොකී සංග්‍රාමයේ 18 වැන්න අද (18)  3:30 ට කොළඹ කෘතීම හොකි   ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සුලෝහිත සංග්‍රාමයේ ජයග්‍රහි පිලට ” එම් ඩබ්ලිව් කරුණානන්ද” කුසලාන පිරිනැමේ.
මෙතෙක් පැවති තරඟ  අතීතය තුළ වසර 11 ක ජයග්‍රහණ  සටහන් කර ගනිමින්  කොළඹ නාලන්ද විදුහල  පෙරමුණේ පසුවන අතර ආනන්ද විදුහල වසර 5ක ජයග්‍රහණ සටහන් කරගෙන තිබේ.එක් තරගයක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
වසර 06 ක  අඛණ්ඩ පරාජයකින් පසු ව ක්‍රියාත්මක වූ කොළඹ ආනන්ද විදුහල පසුගිය වසරේ ජයග්‍රහණය ගෝල් 02 – 00  ක්ලෙස ලබා  ගැනීම කැපී පෙනුණි .
මෙවර මහා තරගයේදි කොළඔ ආනන්ද විදුහල් පිල මෙහෙයවීමේ වරම චමෝද්  ගුණසේකර වෙත හිමි වී ඇති අතර  හේමාල් කෙහෙළිය  කොළඹ නාලන්ද විදුහලට  නායකත්වය සපයයි.
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම  කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි හොකී  නායකයෙකු වන ඉමිටියාස් බාකීර් මාකර්  මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර ආනන්ද සහ නාලන්ද සුලෝහිත සංග්‍රාමය පැවැත්වේ .