මම ක්‍රීඩා කරන කාලයේ ඉන්දියාවේ හොඳම පිතිකරු ලැයිස්තුව හිටියා – මුරලිදරන් කියයි

මම ඉන්දියාවට එරෙහිව තරඟ කරන කාලයේ ඔවුන්ගේ හොඳම පිතිකරු ලැයිස්තුවක් හිටියා. එහිදී විශේෂයෙන් සචින් ටෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාර්ග්, ගෞතම් ගාම්භීර්, රාහුල් ඩ්‍රායිඩ්, සව්රව් ගංගුලි, වී.වී.එස්. ලක්ෂ්මන් වැනි පිතිකරුවන්. ඒ හා සමානවම අපේ කණ්ඩායමත් ශක්තිමත් වුණා. “යැයි ලොව වැඩිම ටෙස්ට් කඩුලූ ලාභියා වන මුත්තයි මුරලිදරන් පවසයි.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඉන්දියාව පරාජය කිරීමේ අවස්ථාවක් ඇතත් එය රඳවා පවතින්නේ කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය අනූව බවද මුරලි සඳහන් කර සිටියි. කෙසේ වෙතත් අවසන් වසර 13 දී ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන ඇත්තේ කණ්ඩායම් දෙකක් බවද පවසන මුරලිදරන් ඔවුන් මේවන විට අංක එකේ ටෙස්ට් පිල වුවත් ශ්‍රී ලංකාව ටෙස්ට් තරග ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙසෙන බවද පවසයි.