ඉන්දියාව ගැන ඕනෑවට වඩා හිතලා මුලාවේ වැටෙන්න බැහැ – නික් පෝතාස් කියයි

ඉන්දියානු කණ්ඩායම පරාජය කිරීමට නිවැරදි කරගත යුතු තැන් ගැන තම කණ්ඩායම හොඳින් දන්නා නමුත් ඉන්දියානුවන් ගැන ඕනෑවට වඩා ඔළුවට ගැනීම අතිරේක පීඩනයක් බවද පෝතාස් පවසයි.
‘අපි ඉන්දියාවට ආවට පස්සෙ ඔවුන් ගැන ඕනෑවට වඩා අවධානය යොමු කළොත් මුලාවේ වැටෙනවා. ඉන්දියාව හොඳ කණ්ඩායමක් බව අපි දන්නවා. මාස කිහිපයකට ඉස්සරවෙලාත් අපි ක්‍රීඩා කළා.’ යැයි ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතාස් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය, සංස්කෘතික බැදීම සහ අභ්‍යන්තර වශයෙන් සහයෝගයන යන සියලූ කාරණා එකට එක් කළහොත් ඉන්දියාව පරාජය කිරීමට හැකි බවද පෝතාස් පවසයි.