බැඩ්මින්ටන් ලෝක ශූරතාවට තේරුණු කවුද මේ ඇමැති

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහන් ප‍්‍රදීප් විතාන මහතා ලෝක ප‍්‍රවීණයන්ගේ බැඞ්මින්ටන් ශූරතා තරගාවලියට තේරීපත්වී ඇත.

මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ සෙවිල්  නගරයේදී මේ මස 25 වැනි දින සිට ලබන මස 05 වැනි දින දක්වා පැවැත්වේ.

සහන් ප‍්‍රදීප් මන්තී‍්‍රවරයා කඩවත මහා බෝධි විද්‍යාලයේ හා කඩවත මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විද්‍යාලයීය ශිෂ්‍ය නායකල කී‍්‍රඩා නායක හා ශිෂ්‍ය භට කණ්ඩායම් නියෝජනය කර ඇත.

තවද 2019 ගම්පහ දිස්ති‍්‍රක් බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාවයත්ල අවුරුදු 40 ට වැඩි ඉසව්වෙන් ගම්පහ දිස්ති‍්‍රක් ශූරතාවයත් අනුරාධපුර පැවැති සමස්ත ලංකා බැඞ්මින්ටන් තරගාවලියේ අනුශූරතාවයත්ල 2021 නුවරඑළියේ පැවැති සමස්ත ලංකා තරගාවලියේ ශූරතාවයත්ල 2021 බස්නාහිර පළාත් සමස්ත ලංකා බැඞ්මින්ටන් අවසන් තරගාවලියේ යුගල අවසන් වටයෙන් කණ්ඩායමේ කී‍්‍රඩකයකුගේ පාදයක සිදුවූ ආබාධයක් නිසා තරග කිරීමට නොහැකි වීමෙන් තරග නොකර අනුශූරතාවයත් හිමිකරගෙන ඇත. මීට අමතරව 2018ල 2019 වර්ෂවල සමස්ත ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති වශයෙන්ද කටයුතු කර ඇත.

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ලෝක බැඞ්මින්ටන් තරගාවලියකට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු සහභාගී වන ප‍්‍රථම අවස්ථාව මෙයයි.