වයස අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජය කාටද

වයස අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ පැවති තරගයකින් ජය වාර්තා කිරීමට ජපානය සමත් විය.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කරමින්.

බ්‍රසීලයේ පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඩී කාණ්ඩයේ තරගයක් ඊයේ පැවැත්වුණේ ජපානය සහ නෙදර්ලන්තය අතරයි.

විටෝරියාහීදි පැවති තරගයේ 37වැනි මිනිත්තුවේදී ජපානය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට වක්ට්සුකි සමත් විය.

ඒ අනුව තරගයේ පළමු අර්ධයේ පෙරමුණ ජපානය සතු වූ අතර 69වැනි මිනිත්තුවේදීද ක්‍රියාත්මක වූ  වක්ට්සුකි ජපානය වෙනුවෙන් ගෝලයක් රැස් කළේය.

නෙදර්ලන්තයට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ජපානය 77 වැනි මිනිත්තුවේදී දඩුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගත්තේ තරගයේ ජය තමන් සතු කරගනිමින්.

තරගය පුරාවටම ගෝල වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් වුණේ නැහැ

ඒ අනුව තරගය ලකුණු  3 ට 0 ක් ලෙස ජය ගැනීමට සමත්වුණේ ජපානයයි.