අයර්ලන්ත-සිම්බාබ්වේ තරගයට භූමිකම්පාවක්

19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ අයර්ලන්තය තරගය අතරතුර සෙනසුරාදා (ජනවාරි 29) පෝට් ඔෆ් ස්පේන් වෙරළට ඔබ්බෙන් ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් ට්‍රිනිඩෑඩ් හි ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේ කම්පනයක් ඇති විය.

එම එම කම්පනය සමඟ ඇති කළ දෙදරීමෙන් එම තරගයට කිසිදු බලපෑමක් නොකළ නමුත් සජීවී විකාශනය අතරතුර තමන් අත්විඳි කම්පන ගැන විස්තර විචාරකයෝ සඳහන් කළහ.
අයර්ලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක මැතිව් හම්ෆ්‍රීස් විසින් සිම්බාබ්වේ පිතිකරු බ්‍රයන් බෙනට් වෙත හයවැනි ඕවරයේ පස්වැනි පන්දු යවමින් සිටියදී එම ක්‍රියාව පෙන්වන ඉදිරිපස කැමරාව දැඩි ලෙස වෙව්ලන්නට විය. කෙසේ වෙතත්, බෙනට් මිඩ්-ඕෆ් වෙත ආරක්ෂක පහරක් එල්ල කරමින් ක්‍රීඩා කළ නිසා තරගය නතර නොවූ අතර ඊළඟ පන්දුව බෙනට් විසින් හතරේ සීමාවට යැවූ බවද වාර්තා විය.
භූමිකම්පාව වෙනත් ආකාරයකින් හෝ එම තරග විකාශනයට ද බලපෑවේ නැති බවද වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ වෙතත් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ පළඟ ශූරතාව සඳහා වූ එම අවසන් පූර්ව තරගයේදී සිම්බාබ්වේ පිල කඩුලු 8 කින් පරාජය කිරීමට අයර්ලන්තය සමත් විය. සිම්බාබ්වේ පිල ලකුණු 166කට දැවී ගිය අතර අයර්ලන්තය කඩුලු 8ක් සහ ඕවර 18ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකළේය.