විලියම්සන් ටෙස්ට් ශ්‍රේණියේ එකට එයි

අයි.සී.සී. ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වන්නට නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සමත්වී තිබේ. ඒ අනුව එහි පළමු ස්ථානයේ පසුවූ එහි ඉන්දීය නායක විර්ට් කෝලි සහ ස්ටීවන් ස්මිත් අභිබවා යමින් අදාළ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ස්මිත් සමත්ව තිබේ.
විලියම්සන් ප්‍රසාද ලකුණු 890ක් ලබා ගනිමින් අදාළ පිතිකරු ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙද්දී ප්‍රසාද ලකුණු 879ක් ලබා ගනිමින් එහි දැවැනි ස්ථානය කෝලිට හිමිව තිබේ. මීට පෙර එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවූ ස්ටීවන් ස්මිත් මේ වන විට තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ස්ටීවන් ඉදිරියේ ප්‍රසාද ලකුණු 877ක් සටහන් වී තිබේ.
පසුගියදා පැවැති පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 129ක් රැස් කිරීමට විලියම්සන් සමත් විය. අදාළ ශතකයත් සමග අයි.සී.සී ලෝක ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේදී ප්‍රසාද ලකුණු 13ක් කේන් විලියම්සන් හට හිමිවිය.