අවුරුදු 30කට පස්සෙ ශ්‍රී ලංකාව තියපු අළුත්ම ලෝක වාර්තාව මෙන්න

පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අවසන් වූ තෙවන සහ අවසන් ටෙසට් තරගයේ අවසන් ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු 299 එරටදී විදෙස් කණ්ඩායමක් ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේදී ඉන්දියාවට එරිහිව රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යව ලෙස වාර්තා අතරට එක් විය.
මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වන අතර ඒ මීට වසර 30කට ඉහතදීය. එනම් 1987 වසරේදී නව දිල්ලි නුවරදීම ඉන්දියාවට එරෙහිව ටෙසට් තරගයකදී කොදෙව් කණ්ඩායම සිව්වන ඉනිමේ කඩුලු 5කට ලකුණු 276ක් රැස් කර තිබීමයි.
එම වාර්තා අනුව නවසීලන්ත කණ්ඩායම 2003 වසරේදී ආහ්මෙදාබාද් හිදී 2003 වසරේදී සිව්වන ඉනිම ක්‍රීඩා කරමින් කඩුලු 6කට ලකුණු 272ක් රැස් කරමින් තෙවන ස්ථානයේ රැදී සිටින අතර නැවත වරක් 1967 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමම චෙන්නායි හි පැවැති ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේදී කඩුලු 7කට ලකුණු 270ක් වාර්තා කරමින් එම වාර්තා සටහනේ සිව්වන ස්ථානයේ රැදී සිටී.