‌ටෙස්ට් තරගාවලියෙන් පස්සෙ චන්දි කාටත් හොරෙන්ම ගිය තැන

පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උසුලමින් පිතිකරුවකු ලෙස කැපීපෙනෙන දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල් කලකට පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් තුළ හොදම 10 තුළට පැමිණීමට සමත්ව තිබේ.
නිමාවූ තරග 3කින් සමන්විත ඉන්දු – ලංකා ටෙස්ට් තරගාවලියේදී ඉනිම 6ක් ක්‍රීඩා කර තිබූ චන්දිමාල් ලකුණු 61ක ඉනිමක සාමාන්‍යයක් සමගින් ලකුණු 366ක් රැස් කිරීමට සමත්වූ අතර ඊට අර්ධ ශතක 2ක් සමග එක් ශතකයක් එක් කිරීමට සමත්විය.
එහිදී අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී චන්දි රැස් කළ ලකුණු 164 තරගය ජය පරාජයෙන් බේරා ගැනීමට මහගු පිටුවහලක් විය.
ඒ අනුව නවතම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයට පත්ව ඇති චන්දිමාල් ප්‍රසාද ලකුණු 743ක් ලබා ඇති අතර එය ශ්‍රී ලංකා පිතිකරුවකු එම ලැයිස්තුවේ මේ වනවිට සිටින ඉහළම ස්ථානයයි.
එහි ප්‍රසාද ලකුණු 938ක් සමගින් ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් 1 ස්ථානයේ සිටින අතර දෙවන ස්ථානයේ පසුවන ඉන්දීය නායක විරාට් කෝලි ප්‍රසාද ලකුණු 893ක් ලබා සිටී.