ක්‍රීඩා ඇමැති ක්‍රිකට් පතුරු ගහයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හදන සැලැස්ම හොඳින් හෝ නරකින් සිදුකිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ. එබැවින් ඔහුට අදාළ වෙනස්කම් මෙම ක්‍රිකට් පරිපාලනයෙන් සිදු කිරීමට නොහැකිනම් ක්‍රිකට් ආයතනය විසුරුවන බවටද ඔහු පොරොන්දු විය.
කැබිනට් මාධ්‍ය හමුවේදී ක්‍රිකට් පිළිබඳව නැගෙන ප්‍රශ්නයේදී ඇමැතිවරයා මෙම අදහස් පළ කර සිටියේය. හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුවක් ඇමැතිවරයා විසින් පත්කළ අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනයි. මේ සියලූ දෙනා තමාට ලබාදුන් යෝජනා නිසැකවම ක්‍රියාත්මක කිරීමට තමා වගබලා ගන්නා බවද ඇමැතිවරයා පොරොන්දු විය.
zමේ ක්‍රිකට් එකට අද වෙලා තියෙන්නෙ ඡන්ද බලය වැඩි වීම. වැඩක් කරගන්න බැහැ ක්‍රීඩා සමාජවල නායකයන්ට සහ පරිපාලකයන්ගෙ ඡන්ද ගන්න ක්‍රිකට් ආයතනයට සිදු වෙලා තියෙනවා. අනිවාර්්‍යයෙන්ම මම ඡන්ද සංඛ්‍යාව 75ට බස්සනවා. මේ වැඩපිළිවෙල මේ ක්‍රිකට් පරිපාලනය කරන්න ඉඩ දෙන්නෙ නැතිනම් මම විසුරුවා හැරලා හරි මේක කරනවා. ක්‍රිකට් හදන්න මට ටික කාලයක් දෙන්න.Z යැයි ඇමැතිවරයා පැවසීය.
ලොව වැඩිම ක්‍රිකට් නිලවරණය ඡන්ද සංඛ්‍යාව තිඛෙන්නේද ශ්‍රී ලංකාවේය. ඒ ඡන්ද 147 කි. ලොව වැඩිම පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම් වැඩිම කොටසක් තියෙන්නේද ශ්‍රී ලංකාවේය. එම ගණන 24 කි. ලොව වැඩිම ක්‍රිකට් සේවකයන් සිටින රටද ශ්‍රී ලංකාවය. ඒ ගණන 300 කට ආසන්නය. මේ සියල්ල ඇමැතිවරයාට වෙනස් කිරීමට නම් ක්‍රිකට් විසිරුවන්නට සිදුවීම නිසැකය.