10 වැනි වියේ පසුවන සන්තුල් පිට පිටම කඩුලු හතරක් දවාලයි

කොළඹ නාලන්දා විදුහල් සිසුවෙක් වන සන්තුල් තවමත් 10 වැනි වියේ පසුවන අතර සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමිය සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියේදී පිට පිටම පන්දු හතරකදී කඩලු හතරක් දවා ගැනීමට සන්තුල් විජයරත්න සමත්විය.දකුණතින් දඟ පන්දු යවන සන්තුල් තරගාවලිය පුරාම පිත්තෙන් හා පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වීය.සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමිය සංවිධානය කළ වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ අවුරුදු 10න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද සන්තුල් සම්මාන ලැබීය.