31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ මැරතන් ශූරයා කඵතර සදරුවන් – ශූරිය ගම්පහ භාග්‍යා

ටී.අනිල් සිරිවර්ධන – වස්කඩුව
31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ මැරතන් පිරිමි ශූරතාව කඵතර දිස්ති‍්‍රක්කයේ ඞී.ජී.ඞී.ස`දරුවන් (2:37:07) විසින් දිනාගනු ලැබු අතර, කාන්තා ශූරතාව ගම්පහ දිස්ති‍්‍රක්කයේ පී.ආර්.භාග්‍යා පතිරණ (1:32:48) විසින් දිනා ගනු ලැබීය.
ජාතික තරුණ සේවා සභාව, ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ශී‍්‍ර ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන 31 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ කාන්තා හා පිරිමි මැරතන් තරග පසුගිය (08 දා) ගම්පහ නගරයේදී පැවති අතර, මෙහි පිරිමි තරගයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින්, ගම්පහ දිස්ති‍්‍රක්කයේ එන්.පී.ශශේන්ට (2:37:13) හා හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ඒ.පී. සංජු පී‍්‍රමාල්ට (2:49:34) හිමිවිය.
මෙහි කාන්තා අංශයේ දෙවැනි හා තෙවැනි ස්ථාන කඵතර දිස්ති‍්‍රක්කයේ එච්.අයි.එස්.ප‍්‍රනාන්දුට (1:36:29) හා බදුල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රනාන්දුට (1:36:29) හා බදුල්ල දිස්ති‍්‍රක්කයේ පී.ජී.එන්.ඞී.සමරකෝන්ට (1:39:00) හිමිවිය.