ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල පාකිස්තානයට යා යුතුයි – අර්ජුන රණතුංග

පාකිස්තානයේ සංචාරය කිරීම අනතුරුදායක යැයි පවසමින් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දස දෙනකු එම සංචාරය වර්ජනය කළද පාකිස්තානයේ සංචාරය කිරීමට ශ‍්‍රී ලංකා පිල කැමැත්තක් දැක්විය යුතු බව හිටපු ක‍්‍රිකට් නායක සහ වත්මන් පර්ලිමේන්තු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
1996 දී ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගත් වසරේදී මෙරට තරග කිරීමට සුදුසු ආරක්ෂාවක් නොමැති බව පවසමින් ඔස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ශ‍්‍රී ලංකාවේ තරග කිරීමෙන් වැලකී සිටියදී පාකිස්තානය සහ ඉන්දියාව දැක්වූ සහයෝගයද හිටපු ක‍්‍රිකට් නායකයාගේ අවධානයට ලක්විය.
‘‘පාකිස්තානයේ සංචාරය කළ යුතුයි. පසුගිය කාලයේ පරිපාලනමය අවුල් තිබුන නිසා ප‍්‍රශ්න මතු වුණා. නමුත් පාකිස්තානය සහ ඉන්දියාව අපේ රටේ වසර 30 ක යුද්ධයක් තියෙද්දිත් කිසිම ගැටලූවක් නැතිව ශ‍්‍රී ලංකාවට පැමිණියා. ඒ නිසා අපි එහි ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත්ව සංචාරය කළ යුතුයි.’’ යැයි අර්ජුන රණතුංග මහතා පවසයි.
මේ අතර ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයද පාකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. ඔවුන් මීට පෙර පාකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොගත් අතර පාකිස්තානයේ සංචාරය කරන කණ්ඩායම් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවට ප‍්‍රකාශ කර සිටියේය.
මේ අතර පාකිස්තාන් හිටපු ක‍්‍රිකට් නායකයන් ක‍්‍රීඩකයන් කිහිප පළක්ම ශ‍්‍රී ලංකාව පාකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. එහිදී වසීම් අක‍්‍රම්, ජාවෙඞ් මියැන්ඩාඞ්, ෂොයිබ් අක්තාර් සහ සලීම් මලීක් යන ක‍්‍රීඩකයන් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වද්දී සංචාරය වර්ජනය කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ටද දෝස්මුරයක් එල්ල කර තිබේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වැඩබලන නායක ළහිරු තිරිමාන්න පවසන්නේද පාකිස්තානයේ සංචාරය කිරීමට කිසිම බියක් දැක්විය යුතු නැති බවත් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සියලූ අවධානය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාකිස්තාන් රජය විසින් සියයට සියයක් දරන බවයි.
පාකිස්තාන් රජය විසින් ප‍්‍රභූ පුද්ගලයන් හට නෙ ආරක්ෂාවක් ශ‍්‍රී ලංකාවට ලබාදීමටද පියවර ගෙන ඇති අතර එහිදී ඔවුන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගාවලියට දැන් සිටම යොදවා තිබේ. සිවිල් ආරක්ෂාව, යතුරු පැදි කාණ්ඩ වශයෙන්, සුනඛයන් යොදා සහ තවත් විවිධ ක‍්‍රම ඔස්සේ තරගාවලියේ ආරක්ෂාව තරකර තිබේ.
2009.03.03 වැනිදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලට ලාහෝර් නුවරදී එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ සංචාරය කිරීමට ලොව ක‍්‍රිකට් රාජ්‍යයන් අකමැත්ත පළ කර සිටියේය. නමුත් ශ‍්‍රී ලංකාව ඊට පසු ඉකුත් වසරේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් පාකිස්තානයේදී විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වූ අතර මෙවර පැවැත්වෙන එක්දින තරග තුන විස්සයි විස්ස තරග තුන දින දහයකටත් අඩු කාලයකදී අවසන් කිරීමට නියමිතව තිබේ. පළමු එක්දින තරගය ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය.