වැඩ පොඩි නැති අනීක් කැඩෙට් කාර්ට්වල ලොකු වැඩක් කරයි

බණ්ඩාරගම ශ‍්‍රී ලංකා කාර්ටින් සර්කිට් විසින් පළමු වරට සංවිධානය කරන ලද කැඩෙට් කාර්ට් තර`ගාවලියේ පළමු ස්ථානය දිනා ගැනීමට තවමත් 8 හැවිරිදි අනීක් ජමාල්ඞීන් පසුගියදා සමත් විය.
වයස අවුරුදු 8ත් 12ත් අතර තර`ගකරුවන් මේ සඳහා සහභාගී වූ අතර තර`ගාවලිය තර`ග තුනකින් සමන්විත විය. වට තුන අවසානයේදී අනීක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 28කි.
සමස්ථ තර`ගාවලියේදී ලකුණු 26ක් ලබාගත් රයන් ගුණවර්ධන දෙවන ස්ථානය දිනාගත් අතර ඩිලාන් පෙරේරා තුන් වන ස්ථානයට පත් වූයේ ලකුණු 17ක් ලබා ගනිමිනි.
කවිඳු වීරසිංහ, හරිත් ගුණසේකර සහ ටෙහාන් ධර්මසිරි පිළිවෙළින් 4, 5 සහ 6 වන ස්ථාන හිමි කර ගත්තේය.
මෙරට දරුවන් අතර කාර්ටින් ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිිරීමේ අරමුණින් ඬේවිඞ් පීරිස් රේසිං ඇන්ඞ් ලෙෂර් (ප‍්‍රයිවට්* ලිමිටඞ් විසින් කළමනාකරණය කරනු ලබන මෙරට ප‍්‍රථම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථය පිහිටි ශ‍්‍රී ලංකා කාර්ටින් සර්කිට්හිිදී මෙම තර`ගය සංවිධානය කර තිබුණි.

ඡුායාරූපය
කැඩෙට් කාර්ට් තර`ගාවලියට සහභාගී වූ දරුවන් තම සම්මාන සම`ග ඡුායාරූපයකට පෙනී සිටි අයුරු. ඬේඩිඞ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඬේවිඞ් පීරිස්, ඬේවිඞ් පීරිස් රේසිං ඇන්ඞ් ලෙෂර් (ප‍්‍රයිවට්* ලිමිටඞ් කළමනාකාර අධ්‍යක්ෂ නාලක මඩුගල්ලේ, කළමනාකරු (තාක්ෂණික සේවා* නාමල් ප‍්‍රනාන්දු යන මහත්වරුද ඡුායාරූපයේ වෙති.