මුහුදේ පිහිණු අම්බලන්ගොඩ හපන්නු…

අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විදුහල විසින් අට වැනි වරටත් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසල් කි.මී. දෙකේ මුහුදු පිහිනුම් ශූරතාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අම්බලන්ගොඩ දේවානන්ද විදුහල පසුගියදා සමත් විය.
අදාළ තරගාවලියේ බාල අංශයේ පළමු ස්ථාන තුනක් සහ බාලිකා අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට දේවානන්ද විදුහල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී ශූරතාව දිනා ගැනීමට දේවනන්ද විදුහලේ හෂේන් දිල්ාන් සමත් වෙද්දී දෙවැනි ස්ථානය පසිඳු කෞෂල්‍ය සහ තෙවැනි ස්ථානය බිගදු හන්සලත්ට හිමිවිය.
බාලක අංශයේ තරගයට තරගකරුවන් දෙසීයකට වැඩි පිරිසක් සහභාගි වීම විශේෂත්වයකි. බාලිකා අංශය සඳහා ක‍්‍රීඩිකාවන් පනහකට වැඩි පිරිසක් සහභාගි වූ අතර එහිදී බාලිකා අංශයේ ශූරතාව ගිංතොට මහා විදුහලේ එච්.එල්.කෞෂල්‍යා වොෂානි විසින් දිනා ගන්නා ලදී.
මෙම පිහිණුම් තරගාවලිය උස්මුදුලාව මුහුදු තීරයේදී පවත්වනු ලැබූ අතර ඒ සඳහාවිදේශීය තරගකරුවන් මෙන්ම වයස අවුරුදු 40 ට වැඩි ඉසව්වක්ද පැවතීම විශේෂත්වයකි.