අපරාජිත මහනුවරට නැවියන් ඔට්ටු වෙයි

අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සති අන්තයේ තරග තුනක් අද (27 දා) පැවැත්වෙන අතර එහිදී නාවික සහ මහනුවර අතර තරගය වැලිසරදී ප.ව. 4.00 ට ආරම්භ වේ.
මේ වන විට මහනුවර කණ්ඩායම සහභාගි වූ තරග 11 ම ජයගෙන අපරාජිතව පෙරමුණ ගෙන සිටියදී නාවිකයන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව තිබේ. නාවික කණ්ඩායම තරග ජයග්‍රහණ අටක් සහ පරාජයක් තුන් ලබා ප්‍රසාද ලකුණු 46 ක් ලබා ඇත.
මීට අමතරව පොලිසිය සහ ගුවන් හමුදාව අතර පොලිස් ක්‍රීඩාංගණයේදීත් හැව්ලෝක්ස් සහ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම අතර තරගය හැව්ලෝක්ස් පාර්ක් හිදීත් පැවැත්වේ. පොලිස් කණ්ඩායම මේ වන විටි කිසිදු ජයක් ලබා නොගෙන සිටියිදී ගුවන් හමුදාව ජයග්‍රහණ දෙකක් ලබා තිබේ.
හෙට (28 දා) යුද හමුදාව සහ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. අතර තවත් තරගයක් පැවැත්වෙන අතර මෙම තරගය හැව්ලෝක්ස් පාර්ක්හිදී පැවැත්වේ.