ක‍්‍රීඩකයන්ගේ මදිකමක් පේනවා – මුරලිදරන් කියයි

‘‘කොහෙත්ම අපේ ක‍්‍රිකට් ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. දැන් ලෝක කුසලානට යන්න අපිට සුදුසුකම් ලැබීමේ වටයකටත් ගහන්න වෙලා තියෙනවා. මේකට සුදුසු කට්ටිය දාලා තියෙනවා. ඒ අය තමයි මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා හොයන්න ඕනෙත් ඒකට විසඳුම් සොයන්න ඕනෙත්. ඇඞ්මිනිස්ටේ‍්‍රෂන් එකටම දොස් කියලා වැඩක් නැහැ. ක‍්‍රීඩකයන්ගේ මදිකමකුත් පේනවා.’’ මුත්තයියා මුරලිදරන් පවසයි.
ලෝකයේ වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලූ ලාභියා වන මුත්තයියා මුරලිදරන් පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැන කිසිම සෙවිල්ලක් නොකර තමාගේ වැඩක් කරගෙන සිටි බව මීට පෙර පැවසීය.