ක‍්‍රීඩාවේ සැබෑ අරුත ආ හැටි…

ක්‍රීඩාව යන වචනය ප්‍රංශ භාෂාවෙන් විවේකය යන තේරුම ඇතිව බිහි වන්නකි. ක්‍රීඩාවේ ඉතිහාසය මිනිසුන්ගේ මුල් ආරම්භය තෙක් විහිදීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාව මිනිසුන්ගේ ස්වභාවය සහ පරිසරය ප්‍රගුණ කිරීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වේ. ක්‍රීඩාවේ ඉතිහාසයෙන් අපට සමාජ වෙනස්වීම් ගැන බොහෝ ඉගැන්වීම් සිදු කරයි. එමෙන්ම ක්‍රීඩාවේ ස්වභාවය ද විස්තර වේ. මිනිසුන් ඔවුන්ගේ යහ පැවැත්ම සඳහාම තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීම සහ පුහුණු කිරීම ක්‍රීඩාවට අන්තර් ගත වන අතර මීට සමාන්තරව තමන්ගේ ප්‍රයෝජනවත් භාවය පුහුණු කිරීම සිදුවේ. බොහෝ ඈත අතීතය දෙස බලන විට ක්ෂය වී යන සාධක මෙම කාර්යයට උදව්කර ගැනීම වඩා අපහසු කරයි. එසේම එම සමාජය එහි විශ්වාසය වෙනස් කළ ආකාරයත් එම නිසාම ක්‍රීඩාවේ නීතිරීති වෙනස් කළ ආකාරයත් පෙනී යයි.

බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියෙහි ක්‍රීඩා ක්‍රියාකාරකම් පොදුවේ විස්තර කරන්නේ සමූහවාචී නාම පදයක් වූ ,ස්පොර්ට්, යන වචනයෙනි. ඇමරිකන් ඉංග්‍රිසියෙහි වැඩි වශයෙන් යෙදෙන්නේ .ස්පොට්ස්. යන්නයි. සියලු ඉංග්‍රිසි ව්‍යවහාරයන්හි එක් නිශ්චිත ක්‍රීඩාවකට වඩා හැඳින්වීමේදි ,ස්පෝට්ස්, වචනය භාවිතාවේ.

ස්පොර්ට් :ක්‍රීඩා යන යෙදුම සමහර විට සියලු තරඟකාරී ක්‍රියාවන් හැඳින්වීමට යොදා ගැනෙයි. එහිදි ශරීරය ක්‍රියාත්මක වන මට්ටම වැදගත් නො‍වේ.

පුහුණුව සහිත ක්‍රීඩා සහ මෝටර් රථ තරඟ යන දෙකම පුහුණුවල ක්‍රීඩා ලෝලීත්වය යනාදි; ශාරීරික ක්‍රියාවන්හි බොහෝ ගති ලක්ෂණ ප්‍රදර්ශණය කරයි. ගුවනේ කෙරෙන ක්‍රීඩා; බිලියඩ්; චෙස්; මෝටර් සයිකල් ධාවන තරඟ සහ බෝට්ටු තරඟ ආදී සියල්ල අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා වශයෙන් පිළිගනු ලබයි.

සටහන – නුවන් ජයතිස්ස