විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුවත් මාලිංග ක්‍රීඩා කිරීමට සැරසෙයි

කෝසල ගමගේ
ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ‌දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ලසිත් මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමට හැකි වෙතැයි විශ්වාස කරන බවත් ඉන් ඔබ්බට වසර දෙකක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට හැකි බවට විශ්වාස කරන බවත් පවසයි

36 හැවිරිදි ඔහු ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු විශ්‍රාම යන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි
තවද විස්සයි 20 ලෝක කුසලානයේදී තමාට නායකත්වය දැරීමට ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින් පෙර ප්‍රකාශ කර ඇතත් එය එසේ සිදුවේද යන්න තමා නොදන්නා බවත් විස්සයි 20 රටාවේදී පන්දු යවන්නෙක් පන්දුවාර 4කට සීමා වන හෙයින් එය කළමණාකරනය කර ගැනීමට තමාට හැකි බවත් අත්දැකීම් බහුල අයෙකු ලෙස එය වඩාත් සාර්තකව කිරීමට හැකිවෙතැයි තමා විශ්වාස කරන බවත් පවසයි