දකුණු අප්‍රිකානු මන්සායි සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජය ෂවානි ස්පාටන්ස් කණ්ඩායමට

දකුණු අප්‍රිකානු මන්සායි සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පැවැති තරගයකින් ජය වාර්තා කිරීමට ෂවානි ස්පාටන්ස් කණ්ඩායම සමත් විය.

ඒ පාල් රොක් කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරමින්.

දකුණු අප්‍රිකාවේ බෝලන්ඩ් පාක් ක්‍රීඩාංගණයේ පැවැති මන්සායි සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ  දස වන තරගයේ කාසියේ වාසිය දිනු  පාල් රොක් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ පාල් රොක් කණ්ඩායම  කඩුළු 6ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 185ක්.

එහිදි ජේම්ස් වින්ස් පන්දු 53කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවි ලකුණු 86ක් රැස් කළේය.

හෙන්රි ඩේවිඩ් ලකුණු 30ක් රැස් කළේ පන්දු 24කදී හතරේ පහර 4ක් සමඟයි.

ඉසුරු උදාන පන්දු 9කදී රැස් කළ  ලකුණු සංඛයාව 14ක්.

පන්දු යැවීමේදී මෝන් මෝකල් ලකුණු 24ට කඩුළු 2ක් දවා ගත්තේය.

ලකුණු 186ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ෂවානි ස්පාටන්ස් කණ්ඩායම පන්දුවාර 19යි 1 පන්දුවකදී කඩුළු 2ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කළේය.

ඩීන් එල්ගාර් නොදැවි ලකුණු 88ක් රැස් කළේය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.

ටීනස් බ්‍රේන් පන්දු 33කදී ලකුණු 42ක් රැස් කළේය.

ඒ අනුව මෙම තරගයේ ජය හිමි කරගත් ෂවානි ස්පාටන්ස් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසු වේ.