අකිල තනිවම කඩුලූ දඩයමේ යයි

Sri Lankan cricketer Akila Dananjaya (2L) celebrates with teammates after dismissing New Zealand cricketer Tom Latham (R) during the first day of the opening Test cricket match between Sri Lanka and New Zealand at the Galle International Cricket Stadium in Galle on August 14, 2019. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ විය. වර්ෂාව හේතුවෙන් පළමු දිනය පන්දුවාර 68 කට සීමා වෙද්දී නවසීලන්ත පිල කඩුලූ 5 කට ලකුණු 203 ක් ලබා සිටියේය. ඊයේ දිනයේදී දැවී ගිය කඩුලූ පහේම අයිතිකරුවා වූයේ අකිල ධනංජයයි.
25 හැවිරිදි අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව විනිසුරුවන් පැමිණිලි කිරීමෙන් පසුව ඔහු ටෙස්ට් තරගයකට සහභාගි වූයේ 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසුවය. එම කාලය තුළ පන්දු යැවීමේ ඉරියව්ව යළිත් නිවැරදි කරගත් අකිල ධනංජය සිව්වැනි වරටත් ඉනිමක කඩුලූ පහක් දවා ගැනීමට සමත් වූයේ ඔහු ක‍්‍රීඩා කළ හය වැනි ටෙස්ට් තරගයේදී වීම විශේෂත්වයකි.
අකිල ධනංජය ඊයේ කඩුලූ පහ දවා ගැනීමට පෙර එංගලන්තයට (115/6*, බංග්ලාදේශයට (24/5*, දකුණු අප‍්‍රිකාවට (52/5* සහ නවසීලන්තයට (57/5*, එරෙහිව ඉනිමක කඩුලූ පහ බැගින් ලබා තිබුණි. අකිලගේ පන්දු යැවීමේ හමුවේ පිළිවෙලින් ටොම් ලෙතම්, කෙන් විලියම්සන්, ජීට් රාවල්, හෙන්රි නිකොලොස් සහ බී.ජේ.වට්ලින්ග් යන පිතිකරුවෝ දැවී ගියහ.
දිවා ආහාරයට පෙර නවසීලන්ත පිලේ කඩුලූ තුනක් ගලවා දැැමූ අකිල තේ පානයට පෙර තවත් කඩුලූ දෙකක් ගලවා දැමුවේය. පළමු කඩුල්ලට රාවල් සහ ලෙතම් ලකුණු 64 ක සබඳතාවක් පැවැත්වූ අතර එහිදී පළමු කඩුල්ල වශයෙන් ලෙතම් පිටියෙන් ඉවත් විය. ලෙතම්ගේ දැවී යාමෙන් පසු පැමිණි නායක කෙන් විලියම්සන්ට කඩුල්ලේ රැුදී සිටීමට හැකිවූයේ පන්දු තුනකට පමණි. ලකුණු 71 ක් වන විට කඩුලූ තුනක් දැවී ගොස් තිබූ නවසීලන්ත පිලට ශක්තිමත් මුක්කුවක් ලබාදුන් රෝස් ටේලර් සහ හෙන්රි නිකොලොස් සිව්වැනි කඩුල්ලට ශතක සබඳතාවක් පිහිටුවීමට සමත් විය. හෙන්රි අර්ධ ශතකය ආසන්නට (42* පැමිණ සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.
නවසීලන්ත පිලේ ඉහළම ලකුණු ලාභියා වූ රොස් ටේලර් දිනය නිමා වන විට පන්දු 131 කදී හතරේ පහර හයක් සමග ලකුණු 86 ක් ලබා සිටියේය. ශ‍්‍රී ලංකාව ඊයේ පළමු වරට අංක සහිත ඇඳුමකින් ටෙස්ට් තරගයකට පිවිසීමද විශේෂත්වයකි. එහිදී දෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන ලසිත් ඇඹුල්දෙණිය පන්දුවාර 20 ක් යැව්වද එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය. නමුත් ඔහු දකුණු අප‍්‍රිකාවේදී සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදී කඩුලූ හයක අයිතිකරුවා බවට පත්විය.
වේග පන්දු යවන්නන් දෙදෙනා වූ සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර දෙදෙනා පන්දුවාර 10 බැගින් යැව්වද ඔවුන්ට කඩුලූ ලබා ගැනීමට නොහැකි විය. එහිදී ලක්මාල්ගේ පන්දුවාර 10 න් පහක්ම නිලකුණු පන්දුවාර වශයෙන් අවසන් කිරීමට ඔහු වගබලා ගත්තේය. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඊයේ තරගයේදී බංකුවේ තැබීමට සලස්වමින් කඩුලූ රැුකීමේ අත්ආවරණ නිරෝෂන් දික්වැල්ලට ලබාදී තිබුණි.

ලකුණු පුවරුව
නවසීලන්තය
ජීට් රාවල් ඇ.ද සිල්වා ප.අකිල 33
ටොම් ලෙතම් ඇ.දික්වැල්ල ප.අකිල 30
කෙන් විලියම්සන් ඇ.කරුණාරත්න ප.අකිල 00
රොස් ටේලර් නොදැවී 86
හෙන්රි නිකොලොස් ක.මු.කළා ප.අකිල 42
බී.ජේ.වොට්ලින්ග් ක.මු.කළා ප.අකිල 01
මිචෙල් සැනට්නර් නොදැවී 08
අතිරේක 03
එකතුව පන්දුවාර 68 කදී තඩුලූ 5 කට ලකුණු 203
කඩුලූ වැටීම – 1-64, 2-64, 3-71, 4-171, 5-179
පන්දු යැවීම
ලක්මාල් – 10 5 140 කුමාර – 10 1 37 0
අකිල – 22 2 57 5 ධනංජය ද සිල්වා – 6 0 20 0
ඇඹුල්දෙණිය – 20 1 73 0