අලූත් ක‍්‍රමයට අකිල හරි කැමැති වෙයි

පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමෙන් පසුව සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම මෙවැනි දක්ෂතාවක් දැක්වීමට ලැබීම ඉතාමත් සතුටට කරුණක් බව අකිල ධනංජය පවසයි. හය වැනි ටෙස්ට් තරගයකට සහභාගි වන අකිල ධනංජය සිව්වැනි වරටත් ඉනිමක කඩුලූ පහක් සටහන් කර ගැනීමට ඊයේ සමත් විය.
අකිල ධනංජය 2018 නොවැම්බර් මස එංගලත්යට ක‍්‍රීඩා කිරීමෙන් පසුව ටෙස්ට් තරගයකට ක‍්‍රීඩා කරමින් කඩුලූ පහක් දවා ගැනීමට සමත් විය. ඔහුගේ නව ඉරියව්වෙන් යවන ලද පන්දුවාර 22 දී ලකුණු 57 කට කඩුලූ පහක් ඩැහැ ගැනීමට ඔහුට හැකිවිය.
‘‘ඇත්තටම මගේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව ගහපු පළමු තරගයේදීම මෙවැනි දෙයක් කිරීඹට ලැබීම සතුටක්. ඉරියව්ව වෙනස් කළා කිව්වට ලොකු දෙයක් වෙනස් කළේ නැහැ. මම දඟ පන්දු පුහුණුකරු පියල් සර්ට මගේ අලූත් ඉරියව්වේ වීඩියෝ යවලා ඔහුත් එක්ක ගොඩක් වැඩ කරලා තමයි කලින් ඉරියව්ව වෙනස් කර ගත්තේ.’’
පළමු පැය දෙක ඇතුළත තණතීරුවේ උදව්වක් තිබ්බත් අව්ව වැඩිවීමත් සමග දඟ කැවීම අඩු වුණා. මම කොහොමත් පරණ ඇක්ෂන් එක අමතක කරලා අලූත් විදිහ තමයි හිතන්නෙ. අලූත් ඉරියව්ව කියලා මට වෙනසක් නැහැ. මොකද මට ඕන විදිහට හැම දේම කරන්න පුළුවන් ඒ ක‍්‍රමයෙන්. ඒ නිසා මම ගොඩක් කැමැතියි අලූත් ඉරියව්වෙන් පන්දු යවන්න.’’ යනුවෙන් අකිල සඳහන් කරයි.
පා දඟ පන්දුව සහ ගුග්ලිය කඩුලූ ලබා ගැනීමේදී තමා සතු ප‍්‍රබලම අවිය බව අකිල පවයි. අද දිනයේදී නවසීලන්තයේ ඉතිරි කඩුලූ පහද ඉක්මනින් දවා ගත යුතු බවත් අකිල පවසයි.
ගාල්ලේදී ලකුණු ලබා ගැනීම පහසු කර්තව්‍යයක් නොවන බැවින් හතරේ පහරවල් අඩුවෙන් ලබාදීම කණ්ඩායමේ සැලැස්ම බවද යොවුන් දඟ පන්දු යවන්නා වැඩිදුරටත් පවසා සිටියේය.
‘‘අපි හැම තිස්සෙම ගාල්ලේදී බලන්නෙ ලකුණු නවතා ගන්න. මොකද හතරේ පහරවල් අඩුවෙන් දෙන්න තමයි අපි උත්සහ කරන්නෙ. එක දෙක ගියත් හතරේ පහරවල් නවත්තන්න අපි සැලසුම් කරලා තියෙනවා. කොහොම වුණත් රංගන අයියා සහ ඩිල්රුවන් අයියා නැතිව උපෙදස් ගන්න පළපුරුදු ක‍්‍රීඩකයෙක් නැහැ. නමුත් අපි හැම වෙලාවෙම හොඳ දෙවල් කරන්න උත්සහ කළා.’’