මැරඩෝනාගේ වෛද්‍යවරයාට පරීක්ෂණයක්….

ලොව බිහිවූ සුපිරි පාපන්දු තරුවක් වු ඩියාගෝ මැරඩෝනා මිය ගොස් සතියක් යෑමෙන් පසුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් මැරඩෝනාගේ පෞද්ගලික වෛද්‍යවරයා ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
මොළයේ ශල්‍යකර්මයෙන් පසුව මැරඩෝනාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් වෛද්‍ය ලියෝපෝල්ඩෝ ලුක්ගේ උනන්දුවක් නොතිබු බව පවසමින් බුවනෝස් අයර්ස් හී පොලිසිය ඔහුගේ නිවසට පෞද්ගලික සායනයද පරීක්ෂා කර තිබේ.
වෛද්‍ය ලුක් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර මරඩෝනා හෘද රෝගයකින් මිය ගිය බව තහවුරු වී ඇති බවද පවසයි. නමුත් මැරඩෝනාගේ දියණිය තම පියවාගේ විමර්ශන සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාගෙන් සම්පූර්ණ විස්තරයක්ද මේ වන විට ඉල්ලා තිබේ.