දෙවන ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස්ගේ අවස්ථාව ඇන්ජලෝ පෙරේරාට

කෝසල ගමගේ
හෙට පෝර්ට් එලිසබෙත් හිදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරග‌යේදී නවක ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා කැදවනු ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග අනුව වාර්තා වෙයි.
මීට සුළු මොහොතකට පෙර පැවැති පුහුණු සැසියකදී කුසල් මෙන්ඩිස් ආබාධයට ලක්වීම ඊට ප්‍රධාන හේතුව වී ඇති අතර මෙන්ඩිස්ගේ පාදයේ වලලු කර ප්‍රදේශයේ මෙම ආබාධය හටගෙන තිබේ.