කුසල්ගේ ඉනිම ලොව අංක එකට එයි

කෝසල ගමගේ

පසුගියදා දකුණු අප්‍රිකාණු කණ්ඩායම පරදවමින් ලබගත් ටෙස්ට් ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් ජනිත් පෙරේරා නොදැවී වාර්තා කළ ලකුණු 153 ලෝක ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූ හොදම ටෙස්ට් ඉනිම ලෙස ගෝල්ඩන් විලොව් වාර්තා අතරට එක්වී ඇත.
ඔවුන් එම නාම ලේඛනය සැකසීම සදහා ලබාගත් ලකුණු සංඛ්‍යාව, ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ දක්ෂතාවයන්, තණතිල්ලේ ස්වභාවය, සෙසු පිතිකරුවන් ලකුණු ලබාගත් ආකාරය, අදාල කාල සීමාව තුළ කණ්ඩායම ඉනිම 21ක් තුල රැස් කර ඇති ලකුණු සාමාන්‍යයන්, එම ඉනිම තුළ අවසන් පිතිකරුවන් 5 දෙනා ලකුණු රැස් කර ඇති ආකාරය, ප්‍රතිවාදී කණ්ඩායමේ ශක්තිය, තරගය පැවැති ක්‍රීඩාංගණය සහ තරගයේ ප්‍රතිඵලය ඇතුළු කරුණු 11ක් සැලකිල්ලට ගන්නා අතර එහි දෙවන සහ තෙවන ස්ථානයන්හි පිළිවෙලින් ග්‍රැහැම් ගුච් සහ සනත් ජයසූරිය ද ඇතුළත්ව සිටී.

The Batting Performance Ratings are based on the following parameters:

1. Runs scored
2. Bowling quality of the bowlers who bowled in that innings
3. Pitch quality (PQI) across all innings
4. HSI (High-Scoring-Index: indicating the support received and the share of the team score)
5. IPV (Innings-Peer-Value: a ratio with the average of the other 21 innings of team-mates)
6. Runs added with the late order (last five wickets and last two wickets)
7. Target-related innings status when batsman walked in
8. Batsman’s contribution to team performance
9. Relative team strengths
10. Location of the match
11. Result of the match