පළමු වටයේ බිංදුවට වැටුණු ශ‍්‍රී ලංකා පිල අවසානයේ 14 වැනියා වෙයි

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේ පළමු වටයේදී සියලූම තරග පරාජය වූ ශ‍්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම් වටයේදී 14 වැනියා වශයෙන් තරගාවලිය අවසන් කිරීමට අද (20 දා) සමත් විය.
පළමු වටයේදී ජයග‍්‍රහණ නොලැබුවත් දෙවැනි වටයේදී ශ‍්‍රී ලංකාව ඕමානය සහ කසකස්තානය පරාජය කරමින් තරගාවලියේ සාර්ථක අවසානයක් කරා පැමිණීමට සමත් විය. ශ්‍රේණිගත කිරීම් වටයේ යටතේ පැවැති අවසන් පුර්ව තරගයේදී කුවේට් රාජ්‍ය පරාය කරමින් 14 වැනි සහ 14 වැනි ස්ථානය සඳහා තරගයට ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබීය.
එහෙත් පළමු වටයේදී ඕමානයට පහර දුන් ශ‍්‍රී ලංකා නැවතත් ඔවුන්ව පරාජය කරමින් 13 වැන්නා වීමට තිබු අවස්ථාව අවසන් වට දෙකේදී ගිලිහී ගියේය. පළමු වටය ලකුණු 26-24 ක් වශයෙන් ශ‍්‍රී ලංකාව ජය ගත්තද දෙවැනි වටය 16-25 ක් වශයෙන් ඕමානයෙන් බැට කෑවේය.
තුන් වැනි වටයේදී යළිත් තරගයට පිවිසි ශ‍්‍රී ලංකාව ලකුණු 18-25 ක් වශයෙන් ඕමානය පරාජය කර දැමුවේය. යළිත් පෙරමුණ ගත් ශ‍්‍රී ලංකාවට සිව්වැනි වටයේදී යළිත් 18-25 ක් වශයෙන් පරාජය වීමට සිදුවිය. ජයග‍්‍රහණය කරට කර සටනක්ව පැවතියද පස්වැනි සහ අවසන් වටයේදී ඕමානය ලකුණු 15 ක් ලබා ගනිද්දී ශ‍්‍රී ලංකාවට ලබාගත හැකිවුයේ ලකුණු 12 ක් පමණි.
රටවල් 16 ක් තරග වැදුණු ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේදී 11 වැනි තැන තායිලන්තයටත්, 12 වැනි තැන ඉන්දුනීසියාවටත්, 13 වැනි තැන ඕමානයටත්, 14 වැනි තැන ශ‍්‍රී ලංකාවටත් 15 වැනි තැන කුවේටයටත් 16 වැනි තැන හොංකොං රාජ්‍යයටත් හිමිවිය. පළමු දස දෙනා අතර සටනට දකුණු කොරියාව, ජපානය, චීන තායිපේ, පාකිස්තානය, ඔස්ටේ‍්‍රලියාව ඉරානය, චීනය යන රටවල් අතර සටන පැවැත්වේ.